ලක් මවගේ ප්‍රංශ දරුවෝ ඉරිදා අයිෆල් කුළුන ළඟ
උතුරු අප්‍රිකාවෙන් අරඹා මැදපෙරදිග, නැගෙනහිර දක්වා තම බල පරාක්‍රමයන් පෙන්වමින් තරවටු කරමින් විවිධ අයුරින් නිදහස් රාජ්‍යයන් අඩපණ කිරීමේ ලෝක බලවතුන්ගේ විවිධ නාටක මේ දිනවල ලෝක ගෝලය තුළ සිදුවෙමින් පවතී. එයට ආසන්නතම සාක්කිය සිරියාවයි. එවැනි නාටකයක් නොවුණත් අර්ථය ඒ අයුරින් වෙනත් විවිධ ක්‍රම වලින් අපේ රටට ද හිසරදයක් වන තරමට මොවුන්ගේ බලපරාක්‍රමයේ අඬු දඬු විහිදෙමින් තිබේ. මෙම උවදුර අඩපණ කළහැකි එකම මාර්ගය වන්නේ එකමුතුවයි.
අපි එකම ජාතියක් ලෙස එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්විය යුතුය. එසේ නොවීම සැමදා අප සතුරු උවදුරුවලට හිමිකරුවෝ කරති. නිදහසේ දියුණුව කරා යන රටකට, එය අති විශාල බාධාවකි. එබැවින් එකමුතුව අද දිනයේ අප ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයකි. එය ජය ගැනීම අපේ වගකීමකි. දශක තුනක රුදුරු ත්‍රස්තවාදී යුද්ධයෙන් මිදුණු ශ්‍රි ලංකාවට එල්ලවී ඇති විදේශ සතුරු බලවේගයනට විරෝධය දැක්වීමට ප්‍රංශයේ ශ්‍රි ලාංකික එකමුතුව සාමකාමි විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කරයි. මාර්තු 11 වැනි ඉරුදින සවස 3 සිට 5 දක්වා පැරීසියේ අයිෆල් කුළුන පරිශ්‍රයේ පැවැත්වෙන මෙම විරෝධතාවට ශ්‍රී ලංකා ජාතික ධජයක් සමග සහභාගීවන මෙන් සියලුම ශ්‍රි ලාංකිකයනට සංවිධායකයෝ ආරාධනය කරති. උතුරු අප්‍රිකාවෙන් අරඹා මැද පෙරදිග දක්වා විවිධ අයුරින් නිදහස් රාජ්‍යයන් අඩපණ කිරීමේ ලෝක බලවතුන්ගේ විවිධ තර්ජන ගර්ජනයන්හි ආසන්නතම සාක්කිය සිරියාව බව එම සංවිධානය කියයි.

