පැරීසියට අයත් ප‍්‍රාදේශීය කලාප අට අතර සෑම වසරකම පවත්වන ප‍්‍රංශයේ කනිෂ්ඨ ජුඩෝ ශූරතා 2013 තරඟාවලිය අවසන් විය. එම ශූරතාවයේ අවසන් පුර්ව තරඟයේ බර කි:ග‍්‍රෑම් 49න් පහල පිරිමි කනිෂ්ඨ තරඟයෙන් ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට පැරීසියේ ජීවත් වන ලහිරු ගීකියනගේ ඇල්විටිගල සමත්විය. මුලික තරඟ වලදි ප‍්‍රතිවාදීන් සියල්ලුදෙනා පරදවා ඔහු එම ඉසව්වේ ජයග‍්‍රාහාකයා විය. මෑත කාලයේ ශ්‍රී ලාංකික දරුවෙක් එවැනි ශූරතාවයක් දිනාගත් ප‍්‍රථම අවස්වක් මෙය වීම සුවිශේෂි විය. කුඩා කල සිට ලහිරු ජුඩෝ ක‍්‍රීඩාවට දස්කම් දැක්වීය.