මෝඩයාගේ දිනයෙන් ඇරඹෙන අපේ‍්‍රල් මස පළමු ඉරිදා දිනය පැරීසියට සුවිශේෂි දිනයකි. ඓතිහාසික සියලූම කෞතුකාගාර නැරඹීම නොමිලේය. සම්මන්ත‍්‍රණ සිනමා නාට්‍ය ආදි ලෙස බොහෝ දේවල් නොමිලේය. එබැවින් එවැනි ස්ථාන කිලෝ මීටර් ගණන් ජනතාව පිරි පෝලිම්ය. එදිනට පැරීසියේ මනස වඩන සිත පිනවන සියලුම දේ නොමිලේය.
එබැවින් පැරීසිය ජනයාගෙන් පිරී ඉතිරී ඇත්තේය. ඒ අතරට පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ උදේට නොමිලෙත් සවසට ගෙවීමෙනුත් මනස වඩන සිත පිනවන සුවිශේෂී අංග රැසකින් එම දිනය වර්ණවත් කරති.
එනම් 05 වැනි ඉරුදින විශ්ව විද්‍යාලය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ විද්වත් දේශනයකි. සවස 05 ට ශ්‍රී ලංකාවේ ජනප‍්‍රිය වේදිකා හා ටෙලි නාට්‍ය නළුවෝ දෙදෙනෙක් වූ ගිහාන් ප‍්‍රනාන්දු සමග කුමාර තිරිමාදුර ඉදිරිපත් කරන හාස්‍ය ජනක රංග ප‍්‍රසංගයත් පැවැත්වේ. පැරිස් කලාප අංක 20හී මෙනිල්මොන්තාන් රඟහලේ වේදිකාවේ මේ උත්සවය පැවැත්වීමට යයි.


