ලක් පිරිස්සුම් ජගත් වාර්තාවෙන් පසුවයි


මෙරට පැවැති යුද්ධයේදී  සිදු වු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් සම්බන්දයෙන් දේශිය පරීක්සණ අරම්භ කරන්නේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමසාරිස් කාර්යාලය සිදු කරන විමර්ශනයේ වාර්තාව නිකුත් කිරීමෙන් පසුව යැයි  විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.

 දේශිය පරීක්ෂණයක්  මසක් තුල ආරම්භ කරන බවට පළවු වාර්තා සම්බන්ධයෙන් ඉන්දියාවේ ද හින්දු පුවත්පත කළ විමසීමකට පිළිතුරු වශයෙන්  අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

‘ද හින්දු‘පුවත්පතට වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ  ලබන සැප්තැම්බර මාසයේ  ශ්‍රී ලංකාවට එරෙහි මානවහිමිකම් විමර්ශන වාර්තාව නිකුත් කිරීමෙන් පසුවඑමගින් චෝදනා එල්ලවන පුද්ගලයින්  පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවද සඳහන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ  නිලධාරියෙක් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවව සම්බන්දයෙන් පැවැත්වු විමර්ශනයේ අවසන් වාර්තා ව මේ මස 25 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර එය ලබන සැප්තැම්බර දක්වා කල් දමන ලදි.