අනවසරයෙන් මසුන් මරමින් සිටියදි ශ්‍රී ලාංකික ධීවරයන්12 දෙනකු චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට තමිල්නාඩු රාමනාදන්පුරම් මහේස්ත්‍රාත් අධිකරණය අද (12) තීන්දු කළ බව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියයි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 30 වැනි දා කන්‍යා කුමාරි වෙරළ තීරයේ මසුන් මැරීමේ කටයුතුවල නිරත ව සිටියදී අත් අඩංගුවට පත් පුත්තලම ප්‍රදේශයේ ධීවරයන් පිරිසකි.

