ලක් දැරිය නත්තල්පත් තරඟෙන් දිනයි


මහා බ්‍රිතාන්‍යයේ එජ්වෙයාර්හි හය හැවිරිදි හරිනි අතුරුපාන නත්තල් කාඩ් තරඟයකින් දෙවැනි තැන හිමිකර ගත්තාය.

හැරෝ නගර සභාව හා හැරෝ ඔබ්සර්වර් පුවත්පත මේ තරඟය සංවිධානය කළේය.

හැරෝ නගරාධිපතිනි ඇනා අශන්තේ අතින් හරිනි සිය සහතිකය ලබා ගත්තාය.

හරිනිගේ පියා ආචාර්ය සෙනවි අතුරුපානයි.

මව පත්මා විජය බණ්ඩාර මුදලි ගෙදර අතුරුපානයි.

මේ තරඟයට ඉල්ලුම්පත් සියයක් පමණ ලැබිණි.

ජයග්‍රාහකයා වූයේ ආර් ඕ වී කුරුකානි දැරියයි.

මෙම තරඟයෙන් දස දෙනෙක් දෙවැනි තැනට තෝරා ගනු ලැබූහ.