ශ්‍රී ලංකාවේ ළමයිනට ක්‍රීඩා වැඩිදියුණු කර ගැනීමට උදව් කිරීමේ අරමුදලක් ඇති කිරීම සඳහා ලන්ඩනයේ ස්ටෝමාකට්හි තරුණ යුවළක් කිලෝ මීටර 12,000ක සයිකල් සවාරියක් ඇරැඹීමට යති.
දන්ත හෙදියක වන ලීන්ස් පෙම්බර්ටන් (27) හා ඇගේ සැමියා වන වඩු කාර්මික පෝල් ස්නග්ස් (28) මෙම චාරිකාවේ මුල් අදියර ලන්ඩනයේ දෝවර් නගරය දක්වා ගමන් ඇරැඹූහ.
යුරෝපය ඔස්සේ ග්‍රීසියට ගොස් එහි දින කිහිපයක් නතර වන ඔවුහු යාත්‍රාවකින් තුර්කියට යෑමටත්, තුර්කියේ සිට ඉරාණය දක්වා පාපැදියෙන් ගොස් ඉන්දියාවට ගුවනින් යෑමටත් ඔවුහු බලාපොරොත්තු වෙති.
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගොස් හය මාසයක් ගත කරන බවත්, ඒ කාලයේ දී ලංකාවේ ගම්බද පාසලක ඉංග්‍රීසි හා ක්‍රීඩා උගන්වන බවත් හෙදිය කියන්නීය.
දැනට මොවුහු පවුම් 1000ක් (රුපියල් 222830) ‘කික්ස්ටාට්‘ නම් මෙම අරමුදලට එකතු කරගෙන සිටිති.
මේ ගමනේ දී රටවල් 17ක් ඔස්සේ ශ්‍රී ලංකාවට යන ඔවුහු උදේ හයේ සිට පස්වරු පහ දක්වා බයිසිකල් පැදීමට යති. රාත්‍රිය කූඩාරමක නවතින බවත් කියති.


