ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ දූත පිරිසේ ආරක්ෂාව වෙනුවෙන් ලන්ඩන් පොලිසියට අමතරව සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් භටයෝද අශ්වාරෝහක පොලිසියද යොදවනු ලැබ සිටිති.
ජනපති නතරවී සිටින හෝටලය, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය, මාල්බරෝ මාළිගය, ඩවුනින් වීදිය හා බ්ලැන්කැෂ්ටර් හෝටලය අසල මෙසේ ආරක්ෂාව තර කර ඇත.
බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් ලන්ඩන් නුවර පාක්ලේන් හිල්ටන් හෝටලයට ගොස් ජනපති හමුවිය. විදේශ ඇමැති මංගල සමරවීර පුනරුත්ථාපන ඇමැති ජී.එම්.ස්වාමිනාදන් හා වැඩබලන මහ කොමසාරිස් චානක තල්පහේවා මහත්වරුද එහි වූහ.
ජනපති හා ඔහුගේ භාර්යාව අද (9) සවස වෙස්මිනිස්ටර් දේවස්ථානයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙලට සහභාගී වීමට නියමිතය.
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ඇරයුමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයෝ මේ සැමරුමට පැමිණ සිටිති.
ඡායාරූප - සුදත් සිල්වා



