ලක් චන්ද්‍රිකාව පමාවේ


චීනයේ සීවෑන්ග් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් අද අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව යැවීම තව දින පහක් පමණ ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි සුප්‍රිම් සැට් ආයතනය පවසයි. තාක්ෂණික කරුණු කිහිපයක් තහවුරු කැර ගැනීමට කාලය අවශ්‍ය වීම සහ චීනය අවට අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටී.ආර්.විජිත් පීරිස් මහතා කියයි. ඒ මහතා පවසන්නේ සුඑ හෝ තාක්ෂණික දෝෂයක් සිදුනොවන ආකාරයෙන් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි.