ඉතාලියේ වෙනොතෝ පළාතේ ජිවත්වන ලාංකික තරුණයෙකුට ඉතාලි කාන්තාවක් සතු පසුම්බියක් වැනි සටහන් පොතක් හමුවී ඇති අතර එහි ඇගේ රියදුරුබලපත්‍රය, හැඳුනුම්පත, බැංකුකාඩ්පත, සමාජ සුරැකුම් කාඩ්පත, යුරෝ පනහක් සහ ඡායාරූප ද තිබී ඇත.
රැකියාවක් ද නැති තරුණයා කිලෝමීටර් පනහක් දුරගෙවා පියොවෙත්සානෝ ගමට පැමිණඇත. ඉන්පසු ඉතාලි කාන්තාව පදිංචි නිවසේ දොරේ හා තැපැල් පෙට්ටියෙ තම දුරකතන අංකය සහ තමා සතුව ඇයගේ පසුම්බිය ඇතැයි සටහන් දෙකක් ලිවීය. ඒ වනවිටත් එම කාන්තාව තම නැතිවූ බලපත්‍ර සකස්කර ගැනිමට නගරයට ගොස් ඇති අතර මෙම සිද්ධිය දැනගෙන පුදුමවී ඇත.
ලාංකිකයා පසුම්බිය කාන්තාවට දුන්නේය. ඇය ඔහුට පිරිනැමූ මුදල් තෑග්ග තරුණයා ප්‍රතික්ෂේප කළේය.

