බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී පීසා අවන්හලක සේවය කළ කවීෂ පීරිස් (25) සිසු ඝාතනයට සිර දඬුවම් විඳින බ්‍රිතාන්‍ය ජාතික කාසිම් අහමඩි ගේ අභියාචනය බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ බව බ්‍රිතාන්‍යයේ ශ්‍රිලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි පවසයි. 2013 ඔක්තෝබර් එම සිසුවා මරාදැමූ මොහුට වසර 23ක සිර දඬුවමක් නියම විය. සිර දඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කළේය.

