ලක් කතට සහනයක් ඉල්ලා අභියාචනයක්


සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමවූ ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය සෞදි අභියාචනාධිකරණයට යොමු කළ බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් මහතා කියයි.

ඇයට සහනයක් ලබා ගැනීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය,රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා විදේශ අමාත්‍යාංශය එක්ව කටයුතු කරයි.

අනියම් සබඳතාවක් පැවැත්වී යැයි චෝදනා යටතේ වරදකාරිය බවට පිළිගත් හෙයින් ලාංකික සේවිකාවට සෞදියේ රියාද් අධිකරණය මෙම දඬුවම පනවා ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.