ලක් කතට අතවර කළ පාකිස්තානුවා හිරේට


ඩුබායි සේවයේ නියුතු ශ්‍රී ලාංකික ගෘහසේවිකාවකට ලිංගක හිරිහැර සිදු කොට දූෂණය කිරීමට තැත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ පකිස්ථාන ජාතිකයකුට එරෙහිව ඩුබායි අපරාධ අධිකරණය විසින් වසර තුනක සිරදඬුවම් පනවා ඇතැයි ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.

පකිස්ථාන ජාතිකයාට දඬුවම් නියම වූයේ එම ලාංකික සේවිකාවට විසින් ඩුබායි පොලීසියට කළ පැමිණිල්ලකට අදාළව පවරා තිබූ නඩු විභාගයක් අවසානයේදීය.

ලාංකික කාන්තාව සහ පාකිස්තාන ජාතිකයා ඩුබායි හි අල් බර්ෂා හි පිහිටි එමිරාටි හාම්පුතුගේ නිවසේ සේවය කරමින් සිට ඇත.

එම නිවසේ උයන්පල්ලෙකු වශයෙන් සේවය කළ මෙම පකිස්ථාන ජාතිකයා නිවසේ වැඩකටයුතු වල නිරතව සිටි  තමාට ලිංගික හිරිහැර සිදු කර දූෂණය කිරීමට තැත් කළ බවද එම නඩු විභාගයේදී අදාළ ලාංකික සේවිකාව විසින් පාපොච්චාරණය කර ඇතැයි කියති.

චෝදනා වලට වරද පිළිගත් පකිස්ථාන ජාතිකයාට මෙම දඬුවම නියම විණි. වසර තුනක සිර දඬුවම අවසන් වීමෙන් අනතුරුව චූදිතයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙසද ඩුබායි අපරාධ අධිකරණය නියෝග කළේය.