ලක් කතගේ දඬුවම පමා වෙයි


සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වී ඇති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ දඬුවම අද (04) දිනයේ ක්‍රියාත්මක  කරන බවට පළවන වාර්තා අසත්‍ය බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මී තාසීම්  මහතා පවසයි.

එම දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා අභියාචනයක්ද ගොනු කර ඇති හෙයින් ඒ සම්බන්ධ නීතිමය කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටීයි.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ අදාළ කාන්තාව හමුවීමට සෞදි බලධාරින් ශ්‍රී ලංකා තානාපති නිලධාරින්ට අවස්ථාවක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කර සිටීයි.

මේ අතර සෞදි අරාබියේදී විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින පුද්ගලයින් 50 දෙනෙකුට පමණ අද එම දඬුවම ක්‍රියාත්මක කරනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වුවද එම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් නොමැති බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.