ලක් කතකට කුවේට් අධිකරණයෙන් මරණ දඬුවම


කුවේටයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරුවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකුට එරට අධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි කුවේට් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

කුවේට් අපරාධ අධිකරණය මෙම දඬුවම පනවා ඇතැයි ද මරණ දඬුවම නියමූ සෙසු තිදෙනා ඉන්දීය ජාතිකයින් බවද කුවේට් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.

මොවුන් සිව්දෙනා ඉකුත් වසරේ අපේ‍්‍රල් මාසයේදී කුවේටයේ සිට ගුවනින් හෙරොයින්  රැගෙන යාමේ අරමුණෙන් එරට ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැඳී සිටියදී කුවේට් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්පසු ඔවුන් සිව්දෙනාට එරෙහිව කුවේට් පොලීසිය විසින් නඩු පැවරූ අතර එය එරට අපරාධ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ෂාරියා නීතීය යටතේ අදාළ චෝදනාවන්ට වැරදිකරුවන්  කරමින් මෙම දඬුවම් නියම කළේය.

කෙසේ වෙතත් ලක් කත ඇතුළු ඉන්දීය ජාතිකයින් තිදෙනාට එරෙහිව ලබා දුන් මරණ දඬවම සම්බන්ධයෙන් ඔවුන්ට දින 30ක් ඇතුළත අභියාචනා පෙත්සම් ගොනු කළ හැකි බවද කුවේට් ටයිම්ස් වාර්තාවේ සඳහන්වේ.