ලක් කත මෙල්බන් නුවරදී මරා දාලා?


ශ්‍රී ලංකාවෙන් 1999 දී ඕස්ට්‍රේලියාවට ගිය පවුලක කතක මෙල්බර්න් නුවර නිවසේ දී ප්‍රහාරයකට ලක්ව මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මරණයට පැය එක හමාරකට පමණ පෙර එම කාන්තාවත් වෛද්‍ය ශිෂ්‍යයකු වන ඇගේ පුතාත් (22) දුරකතනයෙන් සිය පියාට කතා කර ඇති බවත්, ට්‍රක් රියදුරකු වන පියා ඉන් පසුව ඔවුන් ඇමතීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවත් කියති.

ඉන් පසු සැමියා මිතුරකුට කතා කර ඇති බවත්, බිරිය මිය ගොස් සිටි බවත් ඔහු කියා ඇත.

මෙය ඉලක්ක ගත ප්‍රහාරයක් හෝ අහම්බෙන් සිදුවූ ප්‍රහාරයක් බව මෙල්බන් පොලිසිය කියයි.