ලක් කත බේරාගන්න තවත් වෑයමක්


සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමව සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවගේ දඬුවම ළිහිල් කර ගැනීම සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

එම සේවිකාවට සහනයක් දෙන ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

එරට විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද සමරවීර මහතා ඉල්ලා සිටියේය.