ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක (72) මලයාසියා ගුවන් සේවයෙන් ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පනස්දහසක (රුපියල් 32750000 ) වන්දි ඉල්ලා නඩු පවරයි.
මෙල්බර්න් නුවර සිට සිය පුතා ලේලිය හා මුණුපුරන් දෙදෙනා සමඟ කොළඹ ඒමට ගුවන් යානයට නැගීම සඳහා එලිවේටරයෙන් යද්දී වැටී පාදයක් තුවාල වී ඇත.
රෝද පුටුවකින් කොළඹ දක්වා යෑමට පොරොන්දු වුවත් ගුවන් සමාගම එය කඩ කළ හෙයින් නඩුව පවරා ඇතැයි ඇගේ නීතීඥයෝ කියති.
වීනීතා වර්ණකුලසුරිය නම් මෙම කාන්තාව ශ්‍රී ලාංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගිය පසු නඩු පවරා ඇත.

