සෞදි අරාබියේ දී ගල් ගසා මරා දැමිමට නියම වු ශ්‍රී ලාංකික කාන්තාවගේ දඩුවම සිර දඩුවමක් දක්වා ළිහිල් කර අැතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අාචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසිය.
ශ්‍රි ලාංකික කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය පෙරේදා (22) සෞදි අධිකරණයේදී සළකා බැලිමෙන් පසු මෙම තින්දුව ලැබී ඇතැයි ද නියෝජ්‍ය ඇමැති කිවේය.
එම කාන්තාවට දිය හැකි උපරිම නිතිමය සහනයක් ඉල්ලමින් මෙම අභියාචනය ගොනු කළ අතර නිතිමය ගාස්තු විදේශ අමාත්‍යංශයේ නිති අංශය විසින් දරනු ලැබීය.
එම කාන්තාව සමඟ අනියම් ඇසුක් පැවැත්වු බවට කියන තරුණයාට එරෙහි සෞදි අධිකරණය කස පහර 100ක් නියම කළේය.

