මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන ඉන්දියා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟයේ විනිශ්චයකරුවකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතාට විරුද්ධව ඊලාම් හිතවාදීන් පනහක පමණ පිරිසක් තරඟය පැවැත්වෙන චිතම්බරම් ක්‍රීඩාංගනය අසල විරෝධතාවයක් පවත්වා ඇතිබව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
මෙතෙක් කිසිවෙකු අසානැති ‘තාන්තයි පෙරියර් ද්ර්චිඩ කසාගම්‘ නම්වූ සංවිධානයක් පවත්වා ඇති මෙම විරෝධතාවයට සහභාගීවූ සියලුමදෙනාම කළු ඇඳුමෙන් සැරසී අවිනීත ලෙස කෑ කෝ ගසමින් සිටි බවත් ඔවුන් සියලුදෙනාම ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නාලද බවත් එම වාර්තාවල දැක්වෙයි. ක්‍රිකට් තරඟයට මෙයින් කිසි බාධාවක් සිදුවී නැත.