ලක් තරුණියකට ලොකු සම්මානයක්


සන්නිවේදන විද්‍යාව හා යන්ත්‍ර සහ ජීවය සහිත දේ ස්වයංක්‍රීයව පාලනය කිරීමේ විෂය (සයිබර් නෙටික්ස්) පිළිබඳව ලන්ඩනයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයයේ ආචාර්ය උපාධි ශිෂ්‍යාවක වන චතුරිකා කන්නංගර සයිබර්නෙටික්ස් පිළිබඳ ඇමෙරිකා සංගමයෙන් ප්‍රධානය කෙරෙන හේන්ස් වොන් ෆෙරෙස්ටර් සම්මානය දිනා ගත්තාය.

අවබෝධය සහ ක්‍රියාත්මක වීම යන දෙකරුණ අතර පවත්නා සම්බන්ධය ගැන සමුළුවේ සමූහ සාකච්ඡාවේදී ඇයගේ දායකත්වය අගයමින් මේ සම්මානය පිරි නැමිණි.