ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මන්ත්‍රී මණ්ඩලය අතර හවුල්කාරීත්වය වර්ධනය කිරීම අරමුණු කොට ගත් සහයෝගීතා ගිවිසුම වොෂින්ටන් ඩී.සී හිදී එළිදැක්වුණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් කථානායක කරු ජයසූරිය ද ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මන්ත්‍රී මණ්ඩලයේ සභාපති පීටර් ජේ. රොස්කට් මහතාත් ගිවිසුමට අත්සන් තැබීය.
එක් එක් රටෙහි ව්‍යවස්ථාදායක පද්ධති පිළිබඳ තොරතුරු හුවමාරුව පහසු කිරීම, දැනුම හුවමාරුව, ඵලදායී ව්‍යවස්ථාදායක කළමනාකරණය පිළිබඳ උපදෙස් සැපයීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ව්‍යවස්ථාදායක කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පුහුණු ලබාදීම් තුලින් එකිනෙකාට සහාය දැක්ම යන මූලධර්ම දෙරට අතර වන සහයෝගීතාවයට පදනම සකසා ඇත.