ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ මෙරට සිටින බංග්ලාදේශ මහකොමසාරිස් ටරික් අහ්සන් අතර හමුවක් සඳුදා (09) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ බංග්ලාදේශ වරායන් සහ කොළඹ වරාය අතර සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කිරීම වැදගත් වන බවය.
මීට අමතරව දෙරට අතර දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතිකමය සබඳතා තර කර ගැනීම පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා සහ බංගලාදේශ මහකොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත.

