ලක් - පකිස්තාන ආරක්ෂක දැනුම හුවමාරු වෙයි


පාකිස්ථානු ආරක්ෂක නිෂ්පාදන පිළිබඳ අමාත්‍ය රානා තන්වීර් හුසේන් ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

දෙරටේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව මෙන්ම ආරක්ෂක නිෂ්පාදන කටයුතු පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව මෙහිදී ආරක්ෂක රාජ්‍ය රාජරාරරය අමාත්‍යවරයා සහ අමාත්‍ය රානා තන්වීර් මහතා අතර සාකච්ඡා කැරිණි.

මෙරට දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී පාකිස්තාන රජය ලබාදුන් සහයෝගය පිළිබඳ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් අමාත්‍ය රානා තන්වීර් වෙත සිය ප්‍රසංශාව පලකර සිටියේය. මෙම සාකචිඡාව සදහා ආරක්ෂක ලේකමි කරුණාසේන හෙටිටිආරචිචි මහතාද සහභාගි විය.

web_20161728_1301891997_n web_2016175227_1219764321_n