ලංගම සේවක ඡන්දෙත් හොරෙන් දාලා


දිවුලපිටිය ලංගම ඩිපෝ සේවකයකු අද (24) තම තැපැල් ඡන්දය ප්‍රකාශ කරන්නට  ඩිපෝ ඡන්ද මධ්‍යස්ථානයට යන විට  තමන්ගේ ඡන්දය වෙනත් අයකු  විසින් ප්‍රකාශ කර තිබිණැයි ඩිපෝ සේවකයා දිවුලපිටිය පොලීසියට පැමිණිල්ලක් කැර ඇත.

තමා අද උදේ  ඡන්ද මධ්‍යස්ථානයට එනවිට  එහි සිටි පිරිසක්  ආපසු හැරී යන ලෙස  කියා තමාට තර්ජනය කැර බිය ගැන් වු බවත්  මැතිවරණ නිරීක්ෂකයකුට ඒ බව පැමිණිලි කැර  ඡන්ද මධ්‍යස්ථානයට යන විට තම ඡන්දය ප්‍රකාශ කැර  තිබු බවත් පැමිණිල්ලේ  සඳහන්වේ.