මතුගම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වූ වූ බසයක් බණ්ඩාරගම හරියේදි පාර අයිනේ වූ කණු 26 කඩාගෙන ගොස් ඇතැයි අධිවේගි මාර්ග පොලිසිය කියයි. අධිවේගී මාර්ග අනතුරකින් වූ බරපතලම හානිය මෙය බවත් අලාභය රුපියල් දස ලක්ෂයක් ඉක්මවන බව ඔවුහු පවසති.
කටුබැද්ද ප්‍රදේශයට පැමිණි මෙම බසයේ නව දෙනකු සිටි බවත් ඉන් බසයේ රියැදුරු සහායකයා තුවාල ලබා ඇත.
බසයේ ඉදිරිපස පොඩිපට්ටම් වී ඇතැයි වාර්තා වෙයි.









