ලංගම ගැටලු විසඳන බව සභාපති කියයි


2010 ජූලි සිට 2015 අගෝස්තු දක්වා ලංගම සේවයන්ගේ අර්ථ සාධක මුදල් වැටුපෙන් කැපුවත් සේවකයන්ගේ ගිණුමට එක් කර නොතිබු බවත් සේවකයන් සඳහා මණ්ඩලයෙන් ලැබිය යුතු මුදලවත් ගිණුමට එක් කර නොතිබු අතර ලංගම විශ්‍රාමික සේවකයන් 5532 කගේ විශ්‍රාම මුදල මිලියන 2500 ක හිඟයක් ඇති බවත්  ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා යටිනුවර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

කෙසේ හෝ ප්‍රවාහන අමාත්‍යවරයාගේ අවධානය මේ සඳහා යොමු කර ජනපතිගේ හා අගමැතිගේ ආශිර්වාදයෙන් ලංගම සේවයෙකයන්ගේ නොගෙවු අර්ථසාධක අරමුදල් හිඟය රුපියල් මිලියන 11000 සිට මිලියන 8000 දක්වා ගෙවා අඩු කර ගත් බවත්  මිලියන 2500 ක හිග තිබු  පාරිතෝෂික අරමුදල මිලියන  1200 ගෙවා අඩු කරගත් බවත් මේ සියලු හිග මුදල්  ඉදිරි මාස 4 තුල සේවකයින් සදහා ගෙවීමට කටයුතු කරන බවත් සභාපතිවරයා කීය.

ඉදිරි මාස කිහිපයේ දී ඩිපෝ සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම ද ප්‍රවාහන ඇමැතිගේ කැපවීමෙන් යහපාලන රජයේ පූර්ණ සහයෝගය මත සිදු කිරීමට හැකි වන බවත් සිරිවර්ධන මහතා පැවසීය.

1 3 5