ලංගම - පෞද්ගලික බස් සේවක ගැටුමකින් කොන්දොස්තරවයෙක් මරුට



 (තරිඳු ජයවර්ධන)
 
වැලිමඩ - බොරලන්ද මාර්ගයේ ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සහ පෞද්ගලික බස් රථයක සේවකයන් අතර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික බසයේ කොන්දොස්තරවරයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
 
මෙම සිද්ධිය මුල්කරගෙන ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ සහ  ලංගම බස් රථ සේවකයන් අතර ගැටුම් ඇති විය හැකි බැවින් ආරක්ෂාව තර කරන ලෙස බදුල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබේ.
 
අද(19)  දහවල් මෙම ගැටුම ඇති වී තිබෙන අතර වැඩිදුර විමර්ශන සිදුකරගෙන යන බව පොලිසිය කියයි.