ලංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා


(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා 2000 ක් මේ වසරේදී ලබාදීමටත් එහිදී සාත්තු සේවිකාවන්ට ප්‍රමුඛතාව ලබාදීමටත් ඊශ්‍රායල බලධාරීන් එකඟවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ඊශ්‍රායලයේ සංස්කෘතියට අනුව රෝගී සත්කාර සඳහා කාන්තාවන්ට වැඩි අවස්ථාවක් පවතින බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී සාත්තු සේවක පුහුණුවේදී කාන්තාවට වැඩි අවස්ථාවක් දෙන ලෙස ඊශ්‍රායලය ඉල්ලා සිටි බවත් අමාත්‍යා වරයා කීය.

ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්‍ෂ ශිලි රයිසින් සැසොන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා එසේ පැවසීය.