ලංකාවේ හිතවතා සමු ගනී


විවිධ චරිත නිරූපණය කරමින් වේදිකාවේ මෙන්ම ගුවන් විදුලිය ඔස්සේ ද තම හඬ මුසු කරමින් කුසලතා දැක්වු  දක්ෂ කලාකරුවෙකු වු සිරිල් ධර්මවර්ධන මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන්  පවත්වා ගෙන යන සිංහල ගුවන් විදුලි නාලිකා කිහිපයකම වත්මන් දේශපාලන හා සමාජ ගැටළු ඔහු නොබියව ඉදිරිපත් කළ අතර දුෂණ හා අක්‍රමිකතා වල එරෙහිව නැගී සිටි කලකරුවෙකි.

 සරත් ෆොන්සේකා සිර භාරයේ සිටිය දී ඔහු වෙනුවෙන් ද හඬක් නැගුවේය.

පසුගියදා මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයෝ එක්ව ඔහුගේ කලා කටයුතු අගයමින් සම්මානයක්ද පිරිනැමුහ.

ඔහු මිය යන තුරුම මෙල්බර්න් නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපතිවරයා විය.