ලංකාවේ හැමදෙනාටම ආපදා රක්ෂණයක්


හදිසි ආපදාවන් වෙනුවෙන් ලෝකයේ ප්‍රථම වතාවට සම්පුර්ණ රට වැසියන් හා නිවාස  ආවරණය වන පරිදි රක්ෂණයක් අප රටේ  ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියයි.

හදිසි ආපදාවකදී  ග්‍රාමනිලධාරී හමුවී මේ වන්දි ලබාගත හැකි බව ආපදා කළමනාකරණ ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසිය.

හදිසි ආපදා ,ගිණි ගැනීම්, වන අලි පහරදීම්, වගා හානි ආදී ආවරණ රැසක් ජනතාව වෙනුවෙන්  ලබා දී ඇත. රක්ෂණ වාරිකය ලෙස රුපියල් මිලියන 450ක් මුදලක් ගෙවා තිබෙන බවද ඒ සදහා රුපියල් බිලියන 10ක් ආවරණයක් ජනතාවට ලැබෙන බවත් ඔහු කියයි.

20160920_130445 20160920_124423