ලංකාවේ සිට ටැන්සානියාවට මත්ද්‍රව්‍ය තොගයක්


(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)

පොහොර  ලෙස නම්කර ලංකාවේ සිට අඩි 40 කන්ටේනරයක් තුළ ටැංසානියාවට යවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එක්කෝටි අසු හතරලක්ෂ අටසිය පනස් හයක් සමඟ ශ්‍රි ලාංකික සැකකරුවන් දෙදෙනකු ද ටැංසානියාවේ මත්ද්‍රව්‍ය පාලන සහ නීති බලාත්මක කිරීමේ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන  තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම පදිංචිකරුවන් වන 46 හැවිරිදි සහ 25 හැවිරිදි  සැකකරුවන් දෙදෙනෙකි.

මෙම දෙදෙනා සමග ටැන්සානියානු ජාතිකයන් පස්දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රි ලංකාවේ සිට පොහොර බැග් 450ක් තුළ අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය ටැංසානියාවට එවා ඇති බවය.