කොළඹ රෝහල් හතරක සේවය කරන වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව ඉන්දීය පොලිසිය නඩු ගොනු කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කළේය.
ඔවුන් හය දෙනා වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් සිදු කරන නීති විරෝධි වකුගඩු බද්ධ කිරීම්වලට සම්බන්ධ වී ඇතැයි ඉන්දීයවේ අහමෙදාබාද් ප්‍රාන්ත පොලිසිය කළ විමර්ශනයකින් අනාවරණය වී ඇතැයි එම වාර්තා වේ සඳහන් වේ.
ඉන්දීයාවේ වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සුරේෂ් ප්‍රජාපති (36) අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ කරුණු අනාවරණය වී ඇතැයි කියති. ඔහු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 60 පමණ සම්බන්ධ වී ඇතැයි ද එම සියලූ සැත්කම් කර ඇත්තේ කොළඹ පිහිටි රෝහල්වලදී යැයි ද එම වාර්තාවේ සඳහන්ය.
‘‘ සැත්කම් සිදු කර ඇත්තේ චෝදනා එල්ල වී සිටින වෛද්‍යවරුන් 6 දෙනා විසිනි. එසේ වුවද වකුගඩු සැත්කම්වලට සම්බන්ධ වූ දානපතියන් හා ග්‍රාහකයන් සියලූ දෙනා ඉන්දියාවෙන් පැමිණි පිරිස් යැයි ද වාර්තා වේ.‘‘
සුරේෂ් ප්‍රජාපති වකුගඩු බද්ධ කිරීමේ එක් සැත්කමකට ඉන්දීය රුපියල් ලක්ෂ 28ත් 30ත් අතර මුදලක් අය කර ඇතැයි ද ඔහුට අමතරව තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි‚.
(ද හින්දු ඇසුරිනි)


