ලංකාවේ ප්‍රදේශ වලින් සියයට තිහක් කළුවරේ


(සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ ප්‍රදේශ වලින් සියයට තිහක පමණ විදුලිය විසන්ධි වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ එස් අයි කුමාර මහතා පැවසීය.

ජලයෙන් යටවුණු ප්‍රදේශවල විදුලි සැපයුම ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන විසන්ධිකර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

සමහර ප්‍රදේශවල විදුලි කණු පිටින් ගලවාගෙන ගොස් ඇති බවත් ඒවා නැවත පිළිසකර කිරීමට ජලය බසින තුරු සිටීමට සිදුවන බවත් සාමාන්‍යාධිකාරිවරයා කීවේය.