ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා


ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද පත්විය. 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ යෂ්ටිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ලෙස පත්වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට  ආරක්ෂක අමාත්‍යංශ පිටියේ පැවති උත්සවයේදී බාර දුන්නේය.

යෂ්ටිය බාර ගනිමින් මාෂල් ෆොන්සේකා ජනපතිට ආචාර කළේය. ෆීල්ඩ් මාෂල්වරයකු ආචාර කරනුයේ රාජ්‍ය නායකයාට පමණි. අගමැතිටවත් ආචාර නොකරයි. ෆීල්ඩ් මාෂල්වරයකු කිසිදාක විශ්‍රාම නොගනී. ඔහුගේ තත්ත්වය කැබිනට් ඇමැති තනතුර හා සමතැන් ගනී.

උත්සව අවස්ථාවනදි ඔහු සෙන්ටි මීටර් 49.5 ක් දිගැති යෂ්ටිය වම් අතෙහි දරා සිටිනු ඇත. ෆීල්ඩ් මාෂල් තනතුරට විශේෂ ආරක්ෂක ඛණ්ඩයක් හා පෞද්ගලික කාර්ය මණ්ඩලයක්ද හිමිවේ.

යුද නාවික හා ගුවන් හමුදා සම්මාන මුරයකින් පසු තරු 5 ගැසූ රියකින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නික්ම ගියේය.

තිස් අවුරුදු යුද්ධයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන නායකත්වය දුන් බවත් ජනරාල් සරත් ෆොන්සේකා යුදමය නායකත්වය දුන් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ෆොන්සේකා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක යෙදුණු බව කියමින් යුද හමුදා අධිකරණය හමුවට පත් කෙරිණි. සිර ගෙදරට යැවීය. ඔහුගේ විශ්‍රාම වැටුපද වෙනත් වරප්‍රසාද සියල්ලද අහිමි කළේය.

නව රජය පත්වීමෙන් පසු ඔහුට පූර්ණ සමාව දී අහිමි කළ විශ්‍රාම වැටුපද හමුදා තනතුරුද යළි පිරිනැමීය.

_H1_0469 _H1_0506 _H1_04893

_H1_0169 _H1_0213 _H1_0220 _H1_0279 _H1_0359

web-1_H1_0382

web2_H1_0464 _H1_0547 _H1_0580 _H1_0599 _H1_0655 _H1_0680 DSC_4221 DSC_4248 DSC_4263 DSC_4329 DSC_4374 DSC_4434

ඡායාරූප - ශාන්ත රත්නායක

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක