හලාවත - ඉරණවිල මුහුදු වෙරළේ විවේක සුව විඳිමින් සිටි ජර්මානු තරුණියකට අතවර කිරීමට උත්සහ කළ බව කියන මැදිරිගිරියේ තරුණයකු අත්අඩගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
ජර්මනියේ බර්ලින් නුවර තරුණිය පොලීසිය කියා ඇත්තේ නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණි තමා හලාවත ඉරණවිල සංචාරක හෝටලයක නැවැතී සිටි බවයි. එම හෝටලය ඉදිරිපිට ඇති වෙරළේ සිටියදී සැකකරු තමාට අතවර කිරීමට උත්සාහ කළ බව ද ඇය කියා ඇත.