ලංකාවේ තිදෙනෙක් ඩුබායි හිරේට


එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නගරයේ පිහිටි  අධි සුඛෝපබෝගී    නිවසකින් ඩිරාම් මිලිනයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න)    වටිනා බඩු භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ  ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අපරාධ අධිකරණය  වසරක් බැගින් වූ සිර දඬුවම් පැනවූ බව ඩුබායි ද නැෂනල් පුවත්  වෙබ් අඩවිය අද (29) වාර්තා කළේය.

2015   අගෝස්තු මාසයේදී සිදූ වී ඇති මෙම සොරකමට   අදාළව ඩුබායි පොලීසිය විසින් නඩුව ගොනු කර තිබිණි.

මෙම සොරකමට සම්බන්ධ වූ  බව කියන ලාංකිකයන් තිදෙනාගෙන් එක් අයෙකු පමණක්   ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.  තමන්ට එරෙහි නඩුව  අධිකරණය හමුවේ කැදවූ අවස්ථවේදී ඔහු  චෝදනාව  ප්‍රතික්ෂේප කළේය.

සෙසු සැකකරුවන් දෙදෙනා යළි ලංකාවට පළා ගොස් ඇතැයි ඩුබායි පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

කෙසේ වෙතත් සියලු කරුණු සලකා බැලූ ඩුබායි අපරාධ අධිකරණ විනිසුරු වරයා චූදිත ලාංකිකයින්ට එරෙහිව වසරක් බැගින්වූ සිර දඬුවම් පනවනු ලැබීය.