ලංඩන් සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුලදී බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට ලිංගික අපයෝජනයක් කළැයි සැකපිට මෙරට උපත ලද බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු හතලිස් එක් හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු මඩකලපුව ප්‍රදේශයේ උපන් අයෙකි. ඔහු කුඩා කළ බ්‍රිතාන්‍යයට ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා ඇත. බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ද ආහාර පාන සැපයුම් ආයතනයක කම්කරුවෙක් බව කියන සැකකරු මෙරටට පැමිණ ඇත්තේ ඥාතියෙකුගේ අවමගුලකට බව පොලිසියට පවසා ඇත.
ලිංගික අපයෝජනයට පත් වු බව කියන බ්‍රිතාන්‍ය තරුණිය 27 හැවිරිදිය. ඇය ඇයගේ පෙම්වතා සමග සති තුනක නිමාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණ ඇත. දෙදෙනාම වෘත්තියෙන් වෛද්‍යවරුය.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 504 දරණ ගුවන් යානයෙන් ඊයේ සවස 3.10 ට පමණ මෙරටට පැමිණ ඇත.
ගුවන්යානයේදී දෙදෙනාටම නින්දගොස් ඇති බවත් එම අතරවාරයේ සැකකරු ඔහුගේ ආසනය ඇය දෙසට හරවා ඇයගේ දෙකකුල් ස්පර්ශ කරමින් ලිංගික අපයෝජනයක් කළ බව ඇය පොලිසියට පැමිණි කර ඇත.
සැකකරු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් තොටුපොළ පොලිස් ස්ථානාධිපති ඡන්නක කොබ්බෑවල මහතාගේ උපදෙස් පිට කටුනායක පොලිසියේ පොලිස් නිළධාරීහු සිදුකරති.

