ලංකාවේ ආයෝජනයට පැකර් හරි කැමතියි


ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයට හොඳ රටක් බවත්, ලංකාවේ ආයෝජනය කිරීමට තමා ඉතා කැමැත්තෙන් සිටින බවත් ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සැසියේ දී පැවසීය.

විදේශ ඇමැති ජී එල් පීරිස් සහ වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සැසියට දෙස් විදෙස් ව්‍යාපාරිකයෝ 750ක් පමණ සහභාගී වී සිටිති.

වසර 20ක් 25ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ රැසක් ද ඊට සහභාගී වී සිටිති.