ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට එවන කිතුල් හකුරු නිසි ප්‍රමිතියකට නැතැයි මිලානෝ නුවර විල්ලා සන් කාර්ලෝ බුරුමෙයෝ තරු පහේ හෝටලයේ ප්‍රධාන සුපවේදි මහින්ද පියසිරි මහතා කියයි.
හකුරු මුලක එක පළුවක් තරමක් කිතුල් හකුරු රසයි. අනික් පළුව අනික් තනිකරම සීනි හකුරු. මේක ලොකු වංචාවක්. මම හදන වටලප්පන් වැනි අතුරුපස කන්න හෝටලයට එන අය හරිම ආසයි. නමුත් කිසිම කෑමක් ප්‍රමිතියට හදන්න බැරි කිතුල් හකුරු වෙනුවට ‘සීනි හකුරු‘ ලංකාවෙන් එවන නිසා.
එළවළු පලා වර්ග වලත් පණුවන් ඉන්නවා. දෙපලු වූ කජු මද බත් ඇට වලින් අලවලා ඉතාලියට එවනවා. මේවා ගැන වගකිව යුත්තන් අවධානය යොමු නොකළහොත් ලංකාවේ අපනයනයට ගැටළු ඇති විය හැකි බව ඔහු පවසයි.

