ලංකාවෙන් පනින්න හැදූ නයිජීරියානුවා ගුවන්තොටේදී මාට්ටු


 (ටී.කේ.ජී.කපිල )

ඝානා රාජ්‍යයේ  ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පළා යාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු  කටුනායක ගුවන් තොටුපොළ

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .මොහු 38 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකි .

ඔහු 2019 වසරේ මෙරටට පැමිණ ඇති අතර මොහුට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළව සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව , මෙරටින් පිට වීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් ත්‍රිත්වයක් ඇති පුද්ගලයෙකි .

මීට අමතරව මොහු මෙරට රැදී සිටියදී ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් , එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටියදී එයින් පැන ගොස් ඇති පුද්ගලයෙකි.