ලංකාවෙන් ගිහින් කුඩු විකුණයි


මත්ද්‍රව්‍ය විකිණීයැයි ඉතාලියේ ලුකා නුවර පදිංචි 17 හැවිරිදි තරුණයෙක් ඉතාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ලූකා නගරයේ උසස්අධ්‍යාපන පාඨශාලාවක් ඉදිරිපිට තම සේවා දායකයන් එනතුරු සැක සහිත ආකාරයට හැසිරෙනු දුටු පොලීසිය ඔහු  පරික්ෂාකිරීමේදී විකිනිමට ලැහැස්තිකර තිබූ මරිජුවානා පැකට් කීපයක් සොයා ගත්තේය.  පසුව පොලිසියට ගෙනගොස් පරික්ෂාකිරිමේදී තරාදියක් ජංගමදුරකථනයක් සහ  ලාංකිකයාගේ යට ඇඳුමේ   මත්ද්‍රව්‍ය ග්‍රෑම් අසූපහක් සොයාගෙන ඇත.

 මේවනවිට ලාංකික යෞවනයාව ෆ්ලොරන්ස් නගරයේ  බාලාපරාධකරුවන්  සඳහාවන බන්ධනාගාරයක රඳවා ඇත. මෙම ලාංකික තරුණයාගේ පහලොස් හැවිරිදි සහෝදරයාව මත්ද්‍රව්‍ය විකිණිම සම්බන්ධයෙන්ම මෙම ස්ථානයේදිම පසුගිය ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගෙන ඇත.