ලංකාවෙ පුරුද්ද රෝමෙටත් යයි


ඉතාලියේ රෝම අගනුවර ජිවත් වන ශ්‍රි ලාංකිකයෝ මේ දිනවල කැලෑපත්තර රැල්ලක් දැකිති.  මේ  දිනවල රෝම තානාපති කර්යාලයයේ   අර්බුදයට පක‍්ෂව හා විපක‍්ෂව පැති දෙකක සිටින කණ්ඩායම් අතර මෙම කැලෑපත්තර හුවමාරුව සිදුවෙයි.

රාත්‍රි කාලයේ ප්‍රසිද්ධ ස්ථානයන්හි නොහොබිනා වදන් සදහන් කලෑපත්තර අලවා අත් පත්‍රිකාද තබා යන බවත් ජාතියේ නම කැත කරනා මෙවැනි පහත් දේ තමන් ඉතා පිලිකූළෙන් යුතූව හෙළා දකින බව මධ්‍යස්ථ මතධාරි ශ්‍රි ලාංකිකයෝ පවසති. ආගමික යතිවරුන් පවා විවේචනය කරමින් ලියා ඇති ඵවැනි කැලෑපත්තර කිහිපයක් කිසිදු පාර්ශ්වයක් නියෝජනය නොකරන රෝමයේ වැදගත් ලෙස ජිවත්වන ශ්‍රි ලාංකිකයින් පිරිසක්  ලංකාදීප ඵසෑණට ද ඵවා ඇත.