දකුණු ඉන්දියාවේ මර්මස්ථානවලට පහර දීම සඳහා පාකිස්තානයේ ත්‍රස්තවාදීන්ගේ සහාය ලබන කණ්ඩායම් ශ්‍රී ලංකාව හා මාලදිවයින සංක්‍රමනික කේන්ද්‍රය ලෙස පාවිච්චි කරතියි ඉන්දියා ආරක්ෂක අංශ සෝදිසියෙන් සිටියි.
පාකිස්තානයේ ත්‍රස්තවාදීන් නිසා නොමග ගිය මූලධර්මවාදී කොටස් මාලදිවයිනේ සිටින බවට ඉන්දියාවට තොරතුරු ලැබී ඇත.
ශ්‍රී ලාංකිකයකු චෙන්නායි නුවර දී අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දියාවේ සැකය වැඩි වී තිබේ.
මෙම සැකකරු චෙන්නායි හා බැංගලෝරයේ ඇමෙරිකා හා ඊශ්‍රායෙල කොන්සල් කාර්යාල පිළිබඳ ඔත්තු බලා ඇතැයි පිළිගෙන ඇත.
ශ්‍රී ලාංකිකයා ඔත්තු බැලීමේ කටයුතු සඳහා ඉන්දියාවට විසි වාරයක් පමණ ගොස් ඇතැයි ඉන්දියාව කියයි.
ඔහු කොචි හා විෂාඩ් වරාය ගැන ඔත්තු බලා ඇතැයි ඉන්දියාව කියයි.
වෛද්‍ය ප්‍රතිකාර හෝ නිවාඩු ගත කිරීම සඳහා ඉන්දියා සල්ලි රැගෙන කාබුල් නුවර සිට ඉන්දියාවට එන ඇෆ්ගන් ජාතිකයන් ගැන ඉන්දියාව දැන් වැඩි සැලකිල්ලක් යොමු කරයි.
ඉන්දියාවට එන ඇතැම් ඇෆ්ගන් සංචාරකයනට පාකිස්තානයේ සමහර ආයතනවලින් හොර සල්ලිද ලැබෙතියි ඉන්දියා නිලධරයෝ කියති.
ඇෆ්ගන්වරුන් යන එන ඉන්දියා රෝහල් හා ආයතනවලට ඉන්දියාව උපදෙස් දී ඇත්තේ ඔවුන්ගේ ගෙවීම් චෙක්පත් හෝ ටෙලර් යන්ත්‍රයෙන් හෝ නිසි ලියැවිලි සහිතව බාර ගන්නා ලෙසයි.
පකිස්තාන සහයෝගය ලබන ත්‍රස්තවාදීන් උතුරු ඉන්දියාවෙන් රටට ඇතුළුවෙතියි ඉන්දියාව විශ්වාස කරයි.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා පවසා ඇත්තේ මාලදිවයිනේ සිට චෙන්නායි නුවරට එන දෙදෙනකුට පහසුකම් සපයන ලෙසයි. ඉන්දියා ආරක්ෂක අංශ පවසනුයේ එම දෙදෙනා ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාර සඳහා ඒමට සිටි බවයි.

