ලංකාවත් ආසියාවේ කුඩු කේන්ද්‍රයක්


ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානයේ සිට ඉන්දියාව ඔස්සේ ශ්‍රී ලංකාවට මහාපරිමාණ වශයෙන් හෙරොයින් මත් කුඩු ප්‍රවාහනය කිරීමේ ජාත්‍යන්තර ජාවාරමක් ඇතැයි නවදිල්ලි පොලිසිය කියයි.

ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ ඉන්දියා රුපියල් කෝටි තිහක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 63)ක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කුඩු කිලෝ ග්‍රෑම් නවයක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකු සමග නවදිල්ලි පොලිසියේ විශේෂ ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග මෙම ජාවාරම ගැන දැනගන්නට ලැබුණු බව ඉන්දියාවේ ‘ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා‘ පුවත් සේවය වාර්තා කරයි.

නව දිල්ලි පොලිසිය හෙළිදරව් කරගෙන ඇති පරිදි පසුගිය කාලයේ මෙම මත්කුඩු ජාලය හරහා ශ්‍රී ලංකාවට එවා ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 125කි.