ලංකාවටම ඉන්නේ 33යි : ඒත් රජය කල් මරයි


“හෘද-පෙනහලු නිමේෂකවරුන් ලංකාවේ සිටින්නේ 33 දෙනෙකි.මොවුන්ගේ වෘත්තීමය ඉල්ලීම් නොවිසඳිය හැකි,අර්බුදකාරී මහා විශාල ප්‍රශ්න නොවේ.රුපියල් 3000 ක විශේෂ රාජකාරී දීමනාව,6/2006 වැටුප් විෂමතාවය ඉවත් කිරීම,අමතර සේවා දීමනා ලෙස,රුපියල් 175 සිට 200 දක්වා වැඩි කිරීම,2015 අය වැයට එකතු කළ රු.10,000 දීමනාව මූලික වැටුපට එකතු කිරීම,සෞඛ්‍ය අමාත්‍යංශයට ලේසියෙන්ම විසඳිය හැකියි.“

2007 වසරේ සිට මේ වාත්තියමය ඉල්ලීම් රජයෙන් ඉල්ලුවත් අමාත්‍යංශය කරන්නේ කල් මැරීම පමණක් බව එම වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති මංග ජයසිංහ මහතා ලංකාදීප වෙබ් අඩවියට එසේ කියයි.

මේ මොහොතේ හෝ මේ 33 දෙනාගේ වෘත්තීමය ඉල්ලීම් ලබා දුන්නොත් ඊයේ ඇරඹූ වෘත්තීමය අරගලය නතර කරන බවද ඔහු පවසයි.

කොළඹ ජාතික රෝහල,මහනුවර රෝහල,කරාපිටිය රෝහල සහ බොරැල්ල ළමා රෝහල යන රෝහල්වල හෘද පෙනහලු නිමේෂකයෝ සේවය කරන අතර මෙම වෘත්තීමය අරගලයට බොරැල්ල ළමා රෝහලේ සේවය කරන හෘද - පෙනහලු නිමේශකවරුන් වැඩ වරා නැත.

හෘද - පෙනහලු නිමේශකවරුන් යනු රෝගියාගේ කායික තත්ත්වය කළමනාකරණය කිරීමට අවශ්‍ය හෘද හෝ පෙනහලු සැත්කමකදී හෘද-පෙනහලු යන්ත්‍රය ක්‍රියා කරන විශේෂ සෞඛ්‍ය වෘත්තිකයෝය.

Perfusionist_opearting_heart_lung_machine