එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ගැනීමට යතියි කියන ක්‍රියාමාර්ගවලට එරෙහිව ඉතාලි රජය තම ඡන්ද ප්‍රකාශ නොකිරීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටිනමෙන් බලකරමින් ඉතාලියේ රෝම නගරය හා ඒ අවට වෙසෙන දෙසීයකට අධික පිරිසක් ඉතාලි පාර්ලිමෙන්තුව ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වූහ.
මේ සම්බන්ධව ලාංකිකයන්ගේ අත්සනින් යුතු පෙත්සමක් ද ඉතාලි පාර්ලිමෙන්තුවේ කථානායකවරිය වන ලාවුරා බොල්දීනී මහත්මියට භාර දුන්හ.

