ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට ඉන්දීය මධ්‍යම රජයේ වහා මැදිහත්වීමක් අවශ්‍ය යැයි තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියකින් දැනුම් දී ඇතැයි එරට පී.ටී.අයි පුවත්සේවය වාර්තා කර සිටී.
ශ්‍රී ලංකාව විසින් ධීවරයින් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත්, මේ හේතුව නිසා පසුගිය උත්සව සමයේ තමිල්නාඩු ධීවරයින්ට සිය පවුල්වල සාමාජිකයින් සමඟ කාලය ගත කිරීමට අවස්ථාව නොලැබුණු බවත් ජයලලිතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය සාකච්ඡා කර මේ සඳහා පුද්ගලික මැදිහත්වීමක් සිදු කර මෙම ධීවරයින් මුදා ගැනීමට කටයුතු කරන්නැයි ඇය කියයි.

