ලංකාවට රිදී පදක්කමක්


උස්බෙකිස්තානයේ පැවැති ලෝක  යොවුන් බර ඉසිලීමේ තරගාවලියෙන් කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ශෂික ඒකනායක සමත් විය.

ලෝක යොවුන්  බර ඉසිලීමේ තරගාවලියකින් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වන බව ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය කියයි.

තරගාවලිය සදහා රටවල් 80 ක ක්‍රීඩකයෝ සහභාගී වූහ.