ජර්මනිය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 14ක (රුපියල් මිලියන 2240) දීමට යයි.
එම මුදලින් යුරෝ මිලියන 6ක් (රුපියල් මිලියන 960)ක් විල්පත්තු වනෝද්‍යානයේ සංවර්ධනය සඳහාද, උතුරු-නැගෙනහිර නිපුණතා සංවර්ධනයට යුරෝ මිලියන 4ක්ද (රුපියල් මිලියන 640), සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සංවර්ධනයට යුරෝ මිලියන 2.4ක් (රුපියල් මිලියන 384) ද, පළාත් පාලන ආයතන නියෝජිතයින් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරුවට යූරෝ ලක්ෂ 6ක්ද (රුපියල් ලක්ෂ 959) වෙන්කර තිබේ.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජර්මන් සංචාරයේ අවසන් දිනය වන අද (18) දහවල් ජනාධිපති ව්‍යාපාරික හමුවකට සහභාගී වීමට නියමිතය.
ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් 250 ක පිරිසක් ද ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් 35 දෙනකු ද ඊට සහභාගිවන බව සඳහන් වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පැවසුවේ ආයෝජකයින් දිරිමත් කිරීමත් ඔවුනොවුන් හඳුනාගනිමින් ඉඩප්‍රස්ථා විවරකර ගැනීමත් මෙම හමුවේ අරමුණු වන බවයි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජර්මාන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් බර්ලින් නුවර බ්ලේවියු මන්දිරයේදී හමුවූහ.

